4WD Obstacle Avoiding Bluetooth Robot Car – Complete Arduino Sinhala Tutorial
Powered by Zenith Electronics
Learn • Build • Innovate
Introduction
Arduino භාවිතයෙන් ඔබටම Bluetooth මඟින් පාලනය කළ හැකි 4WD Robot Car එකක් නිර්මාණය කරගැනීමට කැමතිද?
මෙම Tutorial එකෙන් අපි පියවරෙන් පියවර සරලව 4WD Bluetooth Robot Car එකක් Assemble කරන ආකාරය ඉගෙන ගනිමු.
මෙම Project එක සඳහා Arduino UNO R3, L298N Motor Driver, HC05 Bluetooth Module, HC-SR04 Ultrasonic Sensor සහ SG90 Servo Motor භාවිතා කරයි.

මෙම Project එක හරහා ඔබට පහත දෑ ප්‍රායෝගිකව ඉගෙනගත හැකිය.
- Arduino Programming
- DC Motor Control
- Bluetooth Communication
- Ultrasonic Distance Measurement
- Servo Motor Control
- Robotics Assembly and Wiring
Arduino සහ Robotics ඉගෙනුම ලබන සිසුන්ට, Hobbyists සහ Makers සඳහා මෙය ඉතා හොඳ Practical Project එකකි.
1. Required Components
Robot Car එක නිර්මාණය කිරීමට පහත Components සූදානම් කරගන්න.
Main Components
- Arduino UNO R3 Development Board
- USB Cable
- 4WD Car Chassis Kit
- L298N Motor Driver Module
- HC-05 Bluetooth Module
- HC-SR04 Ultrasonic Sensor
- Ultrasonic Bracket
- SG90 Servo Motor
- 3.7V 18650 1000mAh Battery x 2
- 18650 Dual Battery Holder
- Power Switch
- Active Buzzer
- 20cm M/M Jumper Wires 10
- 20cm M/F Jumper Wires 20

Other Accessories
- Papercutter
- Small Screwdriver
- Insulation Tape
- Double-Sided Tape or Suitable Mounting Adhesive (Gluegun and sticks)
2. Components හදුනාගැනීම
2.1) Arduino UNO R3 Development Board
Arduino UNO board යනු මෙම Robot Car එකේ ප්‍රධාන Controller එකයි. සියලුම Sensors සහ Modules පාලනය කිරීම සඳහා මෙය භාවිතා කරයි.
2.2 ) L298N Motor Driver

DC Motors හතර පාලනය කිරීම සඳහා Motor Driver එක භාවිතා කරයි. Arduino වෙතින් ලැබෙන Control Signals අනුව Motors ඉදිරියට හෝ පසුපසට කරකැවීම සිදුකරයි.
2.3) HC-05 Bluetooth Module

Smartphone එකක් සහ Arduino අතර Bluetooth Communication ලබාගැනීම සඳහා භාවිතා කරයි.
2.4) HC-SR04 Ultrasonic Sensor and Bracket Holder

ඉදිරියේ ඇති වස්තූන්වලට ඇති දුර මැනීම සඳහා Ultrasonic Sensor එක භාවිතා කරයි.
2.5) SG90 Micro Servo Motor

Ultrasonic Sensor එක විවිධ දිශාවලට හැරවීම සඳහා SG90 Servo Motor එක භාවිතා කරයි.
2.6) 5V Active Buzzer

Robot Car එකෙන් අවශ්‍ය අවස්ථාවලදී ශබ්ද සංඥා ලබාදීමට භාවිතා කරයි.
2.7) 4 Wheel Drive Car Chassis Kit

3. Assemble the 4WD Robot Car Chassis සකස් කරගැනීම
මුලින්ම Robot Car Chassis එක Assemble කරගනිමු.

Step 01 – Prepare the Motors
TT Gear Motors හතර සූදානම් කරගන්න.
එක් එක් Motor එකේ Terminals දෙකට Wires සම්බන්ධ කරන්න. Motors හතරේ Wiring එක පිළිවෙළට සකස් කරගන්න.

Step 02 – Fix the Motors
Chassis එකේ නියමිත ස්ථානවලට Motors හතර සවි කරන්න.

Screws සහ Nuts භාවිතයෙන් Motors නිවැරදිව සවි කරගන්න.
4. Install the Electronic Modules
දැන් Robot Car එකේ ඉහළ Chassis Board එකට Electronic Modules සවි කරමු.
Step 01 – Install Arduino UNO
Arduino UNO Board එක Chassis එකේ සුදුසු ස්ථානයක තබා Screws හෝ Double-Sided Tape භාවිතයෙන් සවි කරන්න.
USB Cable එක සම්බන්ධ කිරීමට ප්‍රමාණවත් ඉඩක් තබන්න.

Step 02 – Install Battery Holder
Battery Holder එක Robot Car එකේ පහළ හෝ පසුපස කොටසේ සුදුසු ස්ථානයක සවි කරන්න.
Step 03 – Install Power Switch
Battery Supply එක ON/OFF කිරීමට Power Switch එක සම්බන්ධ කරන්න.
Step 04 – Install L298N Motor Driver
L298N Motor Driver Module එක Arduino UNO එකට ආසන්නව, Wiring පහසු වන ස්ථානයක සවි කරන්න.
සියලුම Wires නිවැරදිව සම්බන්ධ කිරීමට ඉඩ තබන්න.

5. Connect the Sensors and Modules
දැන් Sensors සහ Modules වල Wiring සකස් කරමු.

5.1 SG90 Servo Motor Wiring
SG90 Servo Motor එකේ Wires තුනක් ඇත.
- Brown – GND
- Red – VCC (5V)
- Orange/Yellow – Signal
Servo Motor එකට Power සහ Signal Connections නිවැරදිව ලබාදෙන්න.
5.2 HC-SR04 Ultrasonic Sensor Wiring
Ultrasonic Sensor එකේ Pins හතරක් ඇත.
- VCC – 5V
- GND – GND
- TRIG – Arduino Digital Pin 4
- ECHO – Arduino Digital Pin 5
Ultrasonic Sensor Holder එකට Sensor එක සවි කරගන්න.
HC-05 Bluetooth Module එකේ ප්‍රධාන Pins හතර:
- VCC – 5V
- GND – GND
- TXD – Arduino Digital Pin 2
- RXD – Arduino Digital Pin 3







Battery Voltage සහ Power Connections නිවැරදි බව තහවුරු කරන තුරු Power ON නොකරන්න.
9. Final Assembly
දැන් සියලුම Components එකට සම්බන්ධ කර Final Assembly එක සකස් කරගන්න.
පහත දෑ පරීක්ෂා කරන්න.
- Wheels හතර නිවැරදිව සවි කර තිබේද?
- Motors Chassis එකට නිවැරදිව සවි කර තිබේද?
- Arduino UNO Board එක සවි කර තිබේද?
- L298N Motor Driver එක නිවැරදිව සවි කර තිබේද?
- Ultrasonic Sensor එක ඉදිරියට මුහුණලා තිබේද?
- Servo Motor එක Sensor Holder එකට සම්බන්ධ කර තිබේද?
- Bluetooth Module එක නිවැරදිව සම්බන්ධ කර තිබේද?
- Power සහ Signal Wires නිවැරදිව සකස් කර තිබේද?

10. Arduino IDE Installation and Code Upload
Download Arduino IDE
Arduino Official Website එකෙන් Arduino IDE Download කර Install කරගන්න.
https://www.arduino.cc/en/software/

Step 01 – Select Board
Arduino IDE එකේ:
Tools → Board → Arduino AVR Boards → Arduino Uno
තෝරාගන්න.
Step 02 – Select COM Port
Tools → Port යටතේ Arduino UNO එකට අදාළ COM Port එක තෝරාගන්න.
Step 03 – Upload Code
Project එකට අදාළ Arduino Sketch එක Open කර Verify කර Upload කරන්න.
Upload කිරීම සාර්ථක නම් IDE එකේ “Done uploading” ලෙස පෙන්වනු ඇත.
Important: මෙම Tutorial එකට ලබාදී ඇති Project Code file එක open කරගැනීමට අවශ්‍ය password 0711363579 whatsapp ගිණුම හරහා ලබාගන්න
4wd_Bluetooth_Car_Arduino_Code
11. Bluetooth Control – Smartphone එකෙන් Robot Car එක පාලනය කරමු
Arduino Code එක Upload කළ පසු Bluetooth මඟින් Robot Car එක පාලනය කළ හැකිය.
Step 01 – Robot Car එක Power ON කරන්න.
Step 02 – Smartphone එකේ Bluetooth ON කරන්න.

Available Devices අතරින් HC-05 තෝරා Pair කරන්න.
Pairing PIN එක ලෙස 0000 හෝ 1234 භාවිතා කිරීමට උත්සාහ කරන්න.
Step 04
HC-05 සඳහා ගැළපෙන Bluetooth Controller Application එකක් Open කරන්න.
https://play.google.com/store/apps/details?id=com.giristuido.bluetooth.car.controller

Step 05
Application එක හරහා HC-05 Module එකට Connect වී Robot Car එක පාලනය කරන්න.

12. Troubleshooting Guide
Robot Car එක ON නොවේ නම්
- Batteries නිවැරදිව සවි කර තිබේදැයි පරීක්ෂා කරන්න.
- Battery Charge එක පරීක්ෂා කරන්න.
- Power Switch එක පරීක්ෂා කරන්න.
- Power Wires නැවත පරීක්ෂා කරන්න.
Motors ක්‍රියා නොකරන්නේ නම්
- L298N Motor Driver Wiring පරීක්ෂා කරන්න.
- IN1, IN2, IN3 සහ IN4 Connections පරීක්ෂා කරන්න.
- Motor Driver Enable Pins සහ Jumpers පරීක්ෂා කරන්න.
- Battery Voltage සහ Current ප්‍රමාණවත්දැයි පරීක්ෂා කරන්න.
Bluetooth Connect නොවේ නම්
- Bluetooth Module එකට Power ලැබෙනවාදැයි බලන්න.
- TXD සහ RXD Connections පරීක්ෂා කරන්න.
- Smartphone Bluetooth Settings පරීක්ෂා කරන්න.
- නිවැරදි Bluetooth Application එක භාවිතා කරනවාදැයි බලන්න.
Ultrasonic Sensor එක ක්‍රියා නොකරන්නේ නම්
- VCC සහ GND Connections පරීක්ෂා කරන්න.
- TRIG සහ ECHO Pins නිවැරදිව සම්බන්ධ කර තිබේදැයි බලන්න.
- Sensor එක ඉදිරියේ බාධාවක් නොමැති බව තහවුරු කරන්න.
- Arduino Code එකේ Pin Configuration පරීක්ෂා කරන්න.
13. Congratulations! Your 4WD Robot Car Is Ready
සුබ පැතුම්!
ඔබ දැන් Arduino UNO, L298N Motor Driver, Bluetooth Module, Ultrasonic Sensor සහ Servo Motor භාවිතයෙන් 4WD Robot Car එකක් Assemble කිරීමේ මූලික පියවර ඉගෙනගෙන ඇත.
මෙම Project එක මඟින් Arduino Programming, Motor Control, Bluetooth Communication සහ Ultrasonic Distance Measurement පිළිබඳ ප්‍රායෝගික දැනුමක් ලබාගත හැකිය.
ඔබේම Robot Car එකක් නිර්මාණය කරමින් Robotics ලෝකයට පිවිසෙන්න!
Build More Projects with Zenith Electronics
මෙම Project එක නිර්මාණය කිරීමට අවශ්‍ය Components සහ Full Kit එක Zenith Electronics වෙතින් ලබාගත හැකිය.

Arduino 4WD Bluetooth Robot Car Full Kit
🛒Product Link
https://zenithelectronics.lk/product/arduino-4wd-bluetooth-robot-car-full-kit/
අපගේ Website එකට පිවිස Arduino, Robotics, Sensors සහ IoT Projects සඳහා අවශ්‍ය Electronic Components වගකීමක් සහිතව අඩුම මිලට ලබා ගතහැකිය
Zenith Electronics
🌐 Website: www.zenithelectronics.lk
✉️ Email: info@zenithelectronics.lk
📞 Voice: 0778159181
📲 WhatsApp: 0711363579
Zenith Academy
Powered by Zenith Electronics
Learn | Build | Innovate
#ZenithAcademy #ZenithElectronics #ArduinoSL #RoboticsSL #BluetoothRobotCar #ArduinoProjects #DIYRobotics #ElectronicsSL #LearnBuildInnovate








Add comment